fbpx
YDS | yds2025 | යොවුන් දහම් සක්මන 2025 | Youwn Daham Sakmana

මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී ….

පින්වත් දුවේ පුතේ,
මෙහෙම හිතන්න. ඔබට යාළුවො දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නා එකිනෙකාට විරුද්ධයි. එක්කෙනෙක් අඳින, කන බොන විදිහට අනිත් කෙනා සම්පූර්ණයෙන් අකමැතියි. කොටින්ම එක් අයෙකුගේ රුචි අරුචිකම් වලට සම්පූර්ණ විරුද්ධ දෙයක් තමයි අනිත් කෙනා ළඟ තියෙන්නෙ. 

යම් වෙලාවක එක් යාළුවෙක් ඔයා වැඩිපුර ලංකරගත්තොත් අනිත්කෙනා තරමක් ඈත්වෙනවා නේද? ඒ වගේ තමයි අනිත් යාළුවා මොනවාහරි දේකට ලංකරගත්තොත් මුල් යාළුවා ඈත් වෙනවා. ඕක තමයි ස්වභාවය. 

ඔයා දිගින් දිගටම එකම යාළුවෙක් තෝරගත්තොත් අනිත් යාළුවා ඔයාට නොපෙනෙන තරම් ඈත්වෙනවා.

අන්න ඒ වගේ තමයි අපි කරන හොඳ නරක, පොඩි කාලෙ ඉඳලම ඔයා හැමදේටම කේන්ති ගන්නවානම් ඉවසීම කියන එක ගොඩක් ඈත්වෙනවා. වෛරය නම් ලංකරගෙන ඉන්නෙ මෛත්‍රීය ගොඩක් ඈත් වෙනවා. ඔය විදිහට නරක, අයහපත් දේ තුළින් ම නම් මුහුණ දෙන්න පුරුදුවෙලා තියෙන්නෙ අපිට නොපෙනෙන තරම් දුරකට හොඳ, යහපත ඈත්වෙනවා.

අපි දිගින් දිගටම පුරුදු කරන දේ අපි ළඟින් ඉන්නවා සසර පුරාවට. 

ජීවිතයට කොයි වෙලාවක හරි ඉවසීම ඕන වන විට ඒක ඔයා ළඟ නැත්නම්, මෛත්‍රීය ඕන වන විට ඒක ඔයා ළඟ නැත්නම්, කරුණාව ඕනවන විට ඒක ඔයා ළඟ නැත්නම් ඒ දේවල් ඔයාගෙන් නොපෙනෙන තරම් ඈතට ගිහිල්ලා නම් ඔයා අසරණ වෙන්නේ මේ ජීවිතයේ පමණක් නොවේ. සසර පුරාවට දුක්ඛිත ඉරණමක අයිතිකාරයෙක් වේවි. ඉතින් ශ්‍රී සද්ධර්මයෙන් ම අභිශේක ලබමින් කල්‍යාණමිත්‍ර ඇසුරක අපිරිමිත යහපත උදාකරගන්න.

වසර 09ක් පුරාවට දහස් සංඛ්‍යාත දුවා දරුවන් වෙනුවෙන් සිදුකළ කල්‍යාණ මිත්‍රත්වයේ සොඳුරු මඟපෙන්වීම ‘යොවුන් දහම් සක්මන’ මෙවරත්…

Donation

අනාගත තාරුණ්‍යට ධර්මානුකූල ප්‍රවේශයක් එක් කරන මේ වැඩසටහන සඳහා ඔබට දායකත්වය දැක්විය හැකිය. ප්‍රචාරණ කටයුතු, සංවිධාන කටයුතු හා විකාශන කටයුතු සඳහා ඔබට දායකත්වය ලබා දීමට හැකියාව ඇත.

ප්‍රචාරණ කටයුතු සඳහා දායකත්වය දැක්වීමට කැමතිනම්
පහත දුරකතන  අංකය අමතන්න

විකාශන සහ අනෙකුත් කටයුතු සඳහා දායකත්වය දැක්වීමට කැමතිනම්
පහත දුරකතන  අංකය අමතන්න

ඔබගේ පැමිණීම තහවුරු කිරීමට පහත සබැඳියෙන් පිවිසෙන්න.

යොවුන් දහම් සක්මන ‌පසුගිය වැඩසටහන් නැරඹීම සදහා පහතින් පිවිසෙන්න.

Download and Share Links

8 x 4 banner

24 x 18 poster

A4 Leaflet Front

A4 Leaflet Back

A5 leaflet Front

A5 Leaflet Back

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk

ඔබගේ පැමිණීම මෙතැනින් තහවුරු කළ හැකිය.