ශ්‍රද්ධා රූපවාහිනී
සියලු දාන අතරින් අග්‍රතම දානය වූ ධර්ම දානය උදෙසා ඔබටත් දායකත්වය ලබා ගත හැකිය. ශ්‍රද්ධා රූපවාහිනියෙන් විකාශනය වන සියලු ධර්ම දේශණා පිළිබඳ තොරතුරු පහත විස්තර කර ඇත.
පින්වත් ඔබටත් ඔබ කැමති ධර්ම දේශනාවක් සඳහා දායකත්වය ලබා ගත හැකිය.
ශ්‍රද්ධා රූපවාහිනී දායකත්ව ධර්ම දේශනා
කොතෙකුත් පින් රැස් කලත් පින හඳුනාගැනීමට අසමත්, පිනෙහි අවබෝධයක් නොමැතිව “අසාර්ථක වන මනුෂ්‍ය ජීවිත උදෙසා” ‘පින සහ අවබෝධය’ ධර්ම දේශනා මාලාව
සෑම සතියේ දිනකම සවස 5.00 සිට 6.00 දක්වා
දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.
අලුත් දවසක් ආරම්භ වෙන හිමිදිරියේ ම ඔබේ සිතට එක්කර ගැනීමට සුන්දර සිතුවිල්ලක් කියාදෙන අරුණෝදයේ සදහම් සිතුවිල්ල දේශනා මාලාව
සෑම දිනකම උදෑසන5.30 සිට 6.00 දක්වා
අවිදු අඳුරෙන් වැසුණු, දහසකුත් දුක්ගිනි වලින් මේ භයානක සංසාරයේ වල්මත් වූ අපට එකම ආලෝකය ශ්‍රී සද්ධර්මයයි… ඒ සදහම් ආලෝකය අප හැමගේ ජීවිතයට තව තවත් සමීප කරවන සොඳුරු සදහම් දේශනා මාලාව
සෑම සතියේ දිනකම උදෑසන9.00 සිට 10.00 දක්වා
ශ්‍රාවක දනන් හට සොඳුරු දිවියක් උදාකරනු වස් සරලව දහම් කරුණු පහදා දෙමින් අපේ දිවිය සුපැහැදිලි කරන අඩ හෝරාව…
සෑම සතියේ දිනකම උදෑසන11.30 සිට 12.00 දක්වා
විටෙක දී සිනාසෙන, විටෙක දී අඬන, තවත් විටෙක දී කරකියාගත හැකි දෙයක් නොමැතිව අනේකවිද හැල හැප්පීම් මත වේලී, ඉරිතැලී ගිය තරුණ හදවත් දහමින් සුපෝෂිත කරන්නට “යොවුන් දහම් වැඩසටහන” සදහම් පිළිසඳර.
සෑම සෙනසුරාදා දිනකම දහවල් 1.00 සිට 3.00 දක්වා
භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට දේශනා කරන ලද නිර්මල දහම් පද කන් යොමා අසන්නට, ස්වාක්ඛාත ධර්ම දේශනා මාලාව
සෑම සතියේ දිනකම දහවල් 1.00 සිට 2.00 දක්වා
මිහිතලය මත සත්‍ය සොයා ගිය වීර්යවන්ත මිනිසුන්ගේ සත්‍ය කතා මාලාව ඔස්සේ සිදු කරනු ලබන දේශනා මාලාව
සෑම සතියේ දිනකම සවස2.00 සිට 3.00 දක්වා
බුදු සමිඳුන් ගේ ළයමඬලෙන් උපන් උත්තම රහතන් වහන්සේලා ගේ ජීවිත කතා ඇසුරෙන් සිදු කරනු ලබන දේශනා මාලාව
සෑම දිනකම සවස3.00 සිට 4.00 දක්වා
අප සුගත මුනිරජුන් වදහළ අමෘත වූ ශ්රී සද්ධර්මය ඉතා මැනවින් පහදා දෙමින් සූත්‍ර පිටකයේ අන්තර්ගත උතුම් සූත්‍ර දේශනා ඇසුරෙන් සිදුකරනු ලබන සම්පසාදිනී ධර්ම දේශනා මාලාව
සෑම දිනකම සවස 4.00 සිට 5.00 දක්වා.
අපගේ ශාක්ය මුනින්ද්රයන් වහන්සේගේ උතුම් ශ්රී මුඛ බුද්ධ භාෂිතයෙන් ඔබගේ දුක් ගිනි නිවන්නට ඔබගේ දෙසවනට සදහම් පද ඇසෙන හෝරාව
සෑම සතියේ දිනකම රාත්‍රී7.00 සිට 8.00 දක්වා.
යහපත උදා කරවන, විමුක්ති රසය ලබා දෙන මහා සාගරය බඳු වූ සොඳුරු දහම මනා කොට විස්තර කරමින් සිදු කරනු ලබන ධර්ම දේශනා මාලාව
සෑම සතියේ දිනකම රාත්‍රී8.00 සිට 9.00 දක්වා.
පොහෝ දින සිදු කරන සියලු ධර්ම දේශනා සහ සදහම් වැඩසටහන් වෙනුවෙන් දායකත්වය ලබා ගැනිම හා අනෙකුත් තොරතුරු සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්න.
සෑම පොහොය දිනකම
කෙළෙස් මඩිමින් උතුම් නිවන් මග පුරුදු කරන අයුරුත්, ධර්ම ගම්භීරත්වය තමන් විසින් ම අත්දකින අයුරුත් කියාදෙමින් සිදු කරනු ලබන සදහම් කතිකාවත “සද්ධර්ම යාත්‍රා” ධර්ම දේශනා මාලාව
සෑම සතියේ දිනකම රාත්‍රී9.00 සිට 10.00 දක්වා
කරුණා ආකරයක් වූ අප දම් රජුන්ගේ මිහිරි දම් පද ඇසෙනා සුදම් සභාව මෙන්, නවාංග ශාස්තෘ සාසනයට අයත් දහම් කරුණු විස්තරාත්මකව පහදාදෙන ධර්ම දේශනා මාලාව
සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 සිට 10.00 දක්වා.
උතුම් දහම් පද ශ්‍රවණය කරමින්, ධර්මානුකූලව ඔබේ ජීවිතයේ ඇති විවිධ ගැටළු වලට විසඳුම් ලබා දී ඔබේ සිත සුවපත් කරවන්නට, පිනෙන් පුරවන්නට දම් සභා මණ්ඩපය.
සෑම ඉරිදා දිනකම රාත්‍රී7.00 සිට 9.00 දක්වා.
භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට අවබෝධ කොට වඳාළ විස්මිත, උදාර ශ්‍රී සද්ධර්මය අපගේ ජීවිත වලට සමීප කරගන්නට උපකාර කරනා පින්වන්ත හෝරාව
සෑම ඉරිදා දිනකම උදෑසන8.00 සිට 9.00 දක්වා
උතුම් සම්බුද්ධ දේශනාවේ අන්තර්ගත ගම්භීර නිර්මල දහම් කරුණු මැනවින් පැහැදිලි කරදෙමින් සිදු කරනු ලබන “විමංසා” ධර්ම දේශනා මාලාව.
සෑම ඉරිදා දිනකම සවස1.00 සිට 2.30 දක්වා
උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේ සකසා වන්දනා කරන්නට, සිත් සුවපත් කරගන්නට සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 ට සිරි ගෞතම බෝධි වන්දනාව
සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 ට
නිතර අසන ප්‍රශ්න ( FAQ )
දේශනා මාලාවක් සකස් කිරීමේදී ඒ සදහා උචිත වන පරිදී ස්වාමීන්වහන්සේලාට ආරාධනා කරනු ලැබේ ඒ නිසා ඒ ඒ දේශනා සිදු කරන්නේ තෝරාගත් ස්වාමීන්වහන්සේලාගේ වැඩමවීමෙනි. එම නිසා ස්වාමීන්වහන්සේලා තෝරා ගැනීම අපහසු වේ.
එක් වතාවක් රූපවාහිනියේ ප්‍රචාරය වෙි , ඔබගේ දායකත්වය රූපවාහිනිය සහ ගුවන්විදුලිය යන දෙකටම සම්බන්ද නම් එම මාධ්‍යන් දෙකෙහිම ප්‍රචාරය වේ. ඊට අමතරව Video දේශනා අන්තර්ජාලයට යොමු කරනු ලැබේ ( යොමු කළ සැනින් ඔබව දැනුවත් කරනු ලැබේ )
ස්වාමින් වහන්සේලා හමුවීමට ලඟම ඇති අසපුව හා සම්බන්ධ වන්න.අසපු වලට අදාල විස්තර දැනගැනීමට මෙම සබැඳියෙන් https://mahamevnawa.lk/mahamevnawa-local-branches/ පිවිසෙන්න.
/* Change link color on hover */ a:hover { color: red; /* Change this to the color you want on hover */ }
නිවසක හෝ ආයතනයක දේශනාවක් සිදු කරන්නේ නම් ළඟම ඇති අසපුව හා සම්බන්ධ වී ධර්ම දේශනාවකට ස්වාමින් වහන්සේ නමකට ආරාධනා කොට එම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශය කරගැනීමට අවශ්‍යය නම් ස්වාමින් වහන්සේව දැනුවත් කර විස්තර ලබා ගන්න.
පිටරට සිටින අයෙකුට ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ Shraddha Tv Live / Shraddha tv Daily සහ Shraddha TV Dhamma Series යන Youtube නාලිකා හා සම්බන්ධ වන්න.
ශ්‍රද්ධා මාධ්‍ය ජාලය උතුම් ධර්මය දායාද කරමින් මේ දක්වා රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝඅනුමෝදන් වේවා !!!
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,උතුම් ශ්රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk