Courses

උසස් පෙළින් හෝ සාමාන්‍ය පෙළින් පසු ඔබ ඉගෙනගෙන ඉවරද ?
නෑ …. කොහෙත්ම නෑ. ඔබට වෘත්තීය අවස්ථා දහස් ගණනක් විවර වෙන ස්ථාන දෙකක් තමයි O/L අවසානය හා A/L අවසානය, ඉතින් ඔබගේ වෘත්තීමය ජීවිතය සාර්ථකව පටන් ගන්න මෙන්න මේ වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ එකතු වෙන්න පුළුවන්.
ඔබත් ඔබේ ජීවිතය දිරියෙන් ජයගන්න. අපෙන් සුභ පැතුම් !!!

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය – NAITA

මේ ආයතනය වඩාත් ප්‍රසිද්ධ NAITA ආයතනය නමින්. වයස අවුරුදු 16 ඉදලා 35 දක්වා තරුණ පිරිස් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන NAITA ආයතනය සෘජුවම රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගන්නවා. NAITA ආයතනයේ පුහුණු ක්‍රියාවලිය දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාල 25 කින්, ජාතික ආයතන 3 කින් සහ පුහුණු මධ්‍යස්ථාන 70 කින් සමන්විතයි. NAITA ආයතනය වෘත්තීය ක්ෂේත්‍ර 25 ක් යටතේ වෘත්තීන් 170 කට වැඩි සංඛ්‍යාවක් සඳහා සිය පුහුණු පාඨමාලා පවත්වාගෙන යනවා.

කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය – කටුබැද්ද 

Industrial Engineering Training Institute (IETI) – Katubedda

( NAITA ආයතනය යටතේ ක්‍රියාත්මක ඉංජිනේරු අභ්‍යාස ආයතනයකි )

මෙම ආයතනය මගින් පවත්වාගෙන යන පුහුණු පාඨමාලාවන් (මෙම පාඨමාලාවන් සඳහා NVQ 4  සහතිකය හිමිවේ.)

  • ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පී (විශේෂ)
  • විදුලි කාර්මික ශිල්පී (විශේෂ)
  • ඉදිකිරීම් සුපරීක්ෂක
  • ශීතකරණ හා වායු සැකසුම් ශිල්පී
  • යාන්ත්‍රික කාර්මික ශිල්පී (විශේෂ)
  • පරිගණක චිත්‍ර නිර්මාණ ශිල්පී
  • පෑස්සුම් ශිල්පී (විශේෂ)
  • දැව කාර්මික ශිල්පී (ගොඩනැගිලි)
  • දැව කාර්මික ශිල්පී (ගෘහ භාණ්ඩ)
  • පොත් බඳින්නා
  • ඇලුමිනියම් පිළිසකරකරු
  • බහු කුසලතා ඉදිකිරීම් ශිල්පී
  • ඉදිකිරීම් ශිල්පී (පෙදරේරු)

කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නිල වෙබ් අඩවිය සඳහා පහතින් පිවිසෙන්න.

ඉංජිනේරු තාක්ෂණ ආයතනය – කටුනායක

Institute Of Engineering Technology (IET) – Katunayake

( NAITA ආයතනය යටතේ ක්‍රියාත්මක ඉංජිනේරු අභ්‍යාස ආයතනයකි )

මෙම ආයතනය මගින් පවත්වාගෙන යන පුහුණු පාඨමාලාවන් (මෙම පාඨමාලාවන් සදහා NVQ 6  සහතිකය හිමිවේ)

  • සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය
  • ගොඩනැගිලි සහ ව්‍යුහ
  • මහා මාර්ග සහ දුම්රිය මාර්ග
  • ජල හා පාරිසරික
  • විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රය
  • විද්යුත් හා සන්නිවේදන
  • විදුලි බල
  • යාන්ත‍්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රය
  • ස්වයං චලන
  • යාන්ත‍්‍රික (සාමාන්‍ය)
  • නාවික

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ නිල වෙබ් අඩවිය සඳහා පහතින් පිවිසෙන්න.

මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය – ඔරුගොඩවත්ත

Automobile Engineering Training Institute (AETI) – Orugodawatta

( NAITA ආයතනය යටතේ ක්‍රියාත්මක ඉංජිනේරු අභ්‍යාස ආයතනයකි )

‘ජපන් ටෙක්’ නමින් හැඳින්වෙන ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය NAITA ආයතනය යටතේ ක්‍රියාත්මක වන මෝටර් රථ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරව පිළිගත් පුහුණුවක් ලබා දෙන ප්‍රමුඛ පෙළේ ආයතනයක්.

මෙම ආයතනය මගින් පවත්වාගෙන යන පුහුණු පාඨමාලාවන්,

  • මෝටර් රථ කාර්මික ශිල්පී
  • මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී
  • යන්ත්‍ර ශිල්පී
  • මෝටර් රථ ටින්කර් සහ පින්තාරු ශිල්පී
  • මෝටර් රථ වායුසමීකරණ යාන්ත්‍රික ශිල්පී

මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නිල වෙබ් අඩවිය සඳහා පහතින් පිවිසෙන්න.

දෙස් විදෙස් රැකියා සෘජුවම ඉලක්ක කර ගනිමින් හඳුන්වා දී ඇති නවතම පාඨමාලා

  • මෘදුකාංග ඉංජිනේරු ඩිප්ලෝමාව (සුදුසුකම අ.පො.ස. උසස් පෙළ)
  • බරවාහන රියැදුරු සහතිකපත්‍ර පාඨමාලාව (සුදුසුකම අ.පො.ස. සාමාන්‍ය පෙළ)
  • ඇඟලුම් නිෂ්පාදන තාක්ෂණ ශිල්පී ඩිප්ලෝමාව (සුදුසුකම අ.පො.ස. උසස් පෙළ)
  • ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ ගෘහ අලංකරණ ඩිප්ලෝමාව  (අ.පො.ස. උසස් පෙළ)
  • Barrister Maestro (G.C.E A/L)
  • සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

මේ ගැන වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ නිල වෙබ් අඩවියට පහතින් පිවිසෙන්න.

වැඩිදුර ‌තොරතුරු සඳහා අමතන්න
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය

වෘත්තීය පුහුණු ආයතනය 

Vocational Training Institute

මේ කියන්නේ වෘත්තීය පුහුණු ආයතනය ගැන.

වෘත්තීය පුහුණු පාඨමාලාවක් තෝර ගන්න එක විශේෂ වන්නේ ඇයි?

එකවර රුපියල් 50,000 ක් 60,000 ක් ගෙවන්න මේ වගේ පාඨමාලාවකදී අවශ්‍ය වෙන්නේ නැහැ.

පාඨමාලාවන් වලට සුදුසුකම් මොනවද කියලා ඔබ හිතනවා නේද?

ඇතැම් පාඨමාලා වලට උසස් පෙළ අවම වශයෙන් විෂයන් 2ක් වත් සමත් වෙන්න ඕනේ.

ඊට අමතරව ළමා ලේකම් කාර්යාලයේ අනුමත කරන ලද පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවක් තියෙනවා. ඒ පුහුණු පාඨමාලා සියල්ල සඳහාම උසස් පෙළ දක්වා අධ්‍යාපන මට්ටම තියෙන්න ඕන.

ඊට අමතරව තියෙන Technical Courses වලදී,

විදුලි කාර්මික, වායුසමීකරණ හෝ ශීතකරණ කියන පාඨමාලා සඳහා අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් ගණිත විෂය ධාරාව ගැන දැනුමක් තියෙන අය පමණක් බඳවා ගන්නවා.

මොකද ඒ විෂයන්වලට මූලික ගණිත දැනුම අත්‍යවශ්‍ය නිසා.

අවශ්‍ය වෙන අධ්‍යාපන සුදුසුකම් මොනවාද කියන එක ඒ ඒ ආයතනය අනුව ඒ ඒ පාඨමාලාව අනුව වෙනස් වෙනවා.

විභාගය අසමත් සිසුන්ටත් තෝරාගත හැකි පාඨමාලා ඕනෑ තරම් වෘත්තිය පුහුණු ක්ෂේත්‍රය තුළ තියෙනවා. විදේශගත රැකියා අවස්ථාවලට සහභාගි වෙන්නත් මේ පාඨමාලා උපයෝගී වෙනවා.

තමන් දක්ෂ ක්ෂේත්‍රය තෝරාගෙන ඒකෙ පාඨමාලාවක් හදාරලා විදේශගත වෙන්න කැමැති අයට විදේශගත වෙන්න පුළුවන් විදිහටයි හදලා තියෙන්නේ.

පාඨමාලා අවසානයේ දී පසු විපරම් කිරීමත් වෘත්තීය පුහුණු ආයතනයෙන් සිදුවෙනවා. මේ වසරේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විශේෂ තීරණයකුත් අරගෙන තියෙනවා.

ඒ උසස් පෙළ අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මාසයේ ඉදලා වෘත්තීය අධ්‍යාපනය පාසලේ දී ම ලබාදෙන එක. තොරතුරු තාක්ෂණය හා ඉංග‍්‍රීසි භාෂා දැනුම සහිත ව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් එලෙස සිදුකිරීමට නියමිතයි.

වෘත්තීය පුහුණු ආයතනයේ නිල වෙබ් අඩවිය සඳහා
පහතින් පිවිසෙන්න.

වැඩිදුර ‌තොරතුරු සඳහා අමතන්න
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය

Ceylon – German Technical Training Institute

මෙම ආයතනය මගින් පවත්වාගෙන යන පුහුණු පාඨමාලාවන්ල,

  • මෝටර් කාර්මික ශිල්පී – වසර 4
  • යන්ත්‍රෝපකරණ වෑද්දුම් ශිල්පී  (මිල්රයිට්) – වසර 4
  • බල විදුලි ශිල්පී (නඩත්තු) – වසර 3
  • ශීතකරණ හා වායු සමීකරණ ශිල්පී – වසර 3
  • යන්ත්‍රන ශිල්පී (සාමාන්‍ය) – වසර 3
  • ඩීසල් එන්ජින් කාර්මික ශිල්පී – වසර 3
  • වාහන විදුලි ශිල්පී – වසර 3
  • පෑස්සුම් ශිල්පී – වසර 3
  • මෝටර් වාහන බොඩ් අළුත්වැඩියා සහ පින්තාරු ශිල්පී – වසර 3

සියලුම පුහුණු පාඨමාලාවන් කර්මාන්තශාලා සහ විද්‍යාගාර තුල 80% ක ප්‍රායෝගික පුහුණුවකින්ද පන්තිකාමර තුල 20% ක සෛද්ධාන්තික පුහුණුවකින්ද සමන්විත වේ.
සියලුම පූර්ණ කාලීන පාඨමාලා වසර 3 සිට වසර 4 ක කාල සීමාවක් සඳහා වෙනවා.

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිල වෙබ් අඩවිය සඳහා
පහතින් පිවිසෙන්න.

වැඩිදුර ‌තොරතුරු සඳහා අමතන්න
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය

ඉතින් ඔබේ ජීවිතයට ඉලක්කයක් තියාගන්න.
අසමත්වීම් වලින්ම පන්නරය ලබා ගන්න.
ලෝකය දැන් පුළුල් පරාසයකට විහිදිලා තියෙන්නේ.
ඔබ එයින් ප්‍රයෝජන ගන්න.
මතක තියාගන්න ඔබේ ඉගෙනීම ඔබේ වටිනාකම පෙන්වන ඉහළම සාධකයක්.

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk